කුමන කැලේ මැදින් අද සිට කතරගමට පාද යාත්‍රාවේ බෑ

කතරගම බලා පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන්ට කුමන ජාතික උද්‍යානයෙන් ඇතුළු වීමට අද (04) පස්වරු 03.00න් පසුව අවසර හිමි නොවන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වල හින්දු බැතිමතුන්ට කතරගම පෙරහැර මංගල්‍යට සහභාගිවීම සදහා කුමන ජාතික උද්‍යානයේ ගේට්ටු පසුගිය ජුනි මස 20 වනදා සිට විවෘත කරනු ලැබුවා.

එම දිනයේ සිට ඊයේ (03) දිනය වනවිට කුමන ජාතික උද්‍යානයේ ගේට්ටුවෙන් පුද්ගලයින් 34,612ක් ඇතුලු වී ඇති බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
0
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?