කුඩා දරුවන්ට සහ ගර්භණී මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්

මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වීම ආරම්භ කළ දින සිට එක් දිනයක් තුළ වාර්තාවූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව යළිත් අලුත් කරමින් ඊයේ දිනයේදීද ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වුණා.

ඊයේ මෙරටින් ආසාදිතයින් 1,466 දෙනෙකු හඳුනාගත් අතර, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව එක්ලක්ෂ 4,953 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 1,419 ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් තිස් දෙදෙනෙකු සහ විදේශයන් හි සිට පැමිණි 15 දෙනෙකු ද මේ අතර වනවා.

ඒ අනුව ආසාදිතයින් 9,209 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 95,083 ක්.

කොරෝනා මරණ 06 ක් ඊයේ වාර්තා වීමත් මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 661 ක් දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ පල්ලේගම පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, වීරපොකුණ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක සහ හාලිඇල ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස කොරෝනා ආසාදිතව මියගොස් ඇති බවයි.

එමෙන්ම මාවනැල්ලේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 69 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු ද කොරෝනා ආසාදිතව මියගියා.

මේ අතර, කොරෝනා පරීක්ෂණ සඳහා මුළු දිවයිනෙන්ම ජෛව පටල සාම්පල හාර දහසක් පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරවලට ඊයේ ලැබී තිබෙනවා.

එම සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියේ.

අදාළ සාම්පලවලින් තෝරාගන්නා සාම්පල කොරෝනා වෛරසය විශ්ලේෂණ පරීක්ෂණ සඳහාද යොදා ගන්නා බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම පවතින කොරෝනා අවදානම් තත්වය හමුවේ හෙද නිලධාරීන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩල වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට වහා පියවර ගත යුතු බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් එස්.බී මැදිවත්ත කියා සිටියේ හෙද නිලධාරීන්ට ආරක්ෂිත නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් ලබාදීමට පියවර ගත යුතු බවයි.

කුඩා දරුවන් සහ ගර්භණී මව්වරුන් කොරෝනා ආසාදනය වීම වළක්වා ගැනීමට ප්‍රවේශම්කාරී විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසයට එරෙහි කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සෞඛ්‍ය හා හමුදා සාමාජිකයන් වෙත ලබාදීම ඊයේ සිට ආරම්භ කළ අතර ඒ අනුව දිනය තුළ පුද්ගලයන් 3445 දෙනෙකුට එම එන්නත ලබා දී තිබෙනවා.

මේ අතර බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ 110 ක ජනතාව මුහුණු ආවරණ පැළඳීම සම්බන්ධයෙන් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සිදුකළ සමීක්ෂණයක් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28