කුඩාඔය පොලිස් වසමේ තණමල්විල වැල්ලවාය මාර්ගයේ කුඩාඔය නගරය ආසන්නයේදී ඊයේ (28) දින සවස, වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කල පිරිමි දරුවෙක් බරපතල තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා ඇඹිලිපිටිය රෝහල වෙත මාරු කර යවා ප්‍රථිකාර ලබමින් සිටියදී ඒ,අ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 07ක් වූ කොටියාගල ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුඩාඔය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













