AFC Banner
Empty Ad
Empty Ad

‘කුකුල් චමින්ද’ බිරින්දෑවරු දෙදෙනා ද සමඟ අල්ලයි (ඡායාරූප)

සමාජ මාධ්‍ය ඔස්සේ සසරණය වූ අවුරුදු 04 හමාරක දරුවෙකුට පහර දෙන අයුරු දැක්වෙන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ‘කුකුල් චමින්ද’ නැමැති 45 හැවිරිදි අයෙක්.

සැකකරු සමඟ ඔහුගේ බිරිඳ සහ අනියම් බිරිඳ ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 37 සහ 46 යන වයස්වල පසුවන බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු දරුවා ද රැගෙන නිවස අතහැර පළාගොස් සිටිය දී අද (05) අලුයම් කාලයේ පුල්මුඩේ, අරිසිමලේ ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් අමානුෂික ලෙස පහර කෑමට ලක් වූ දරුවා ද එහිදී පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සමාජ මාධ්‍ය ඔස්සේ දරුවකුට පහරදෙන වීඩියෝවක් සංසරණය වීමත් සමඟ ඒ පිළිබඳව දැඩි කතාබහට ලක් වූ අතර, ඒ් සමඟ වැලිඔය පොලිස් නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළා.

1 3
2 1
AA 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
13
+1
75
+1
5
+1
8
+1
13
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?