කිවියන්ගෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට අභියෝගාත්මක ඉලක්කයක්

සත්කාරක නවසීලන්තය දෙවැනි පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 05ක් දැවී ලකුණු 186ක් ලබා ගත්තා.

අද (30) තරගය මවුන්ට් මෞන්ගනුයි හිදී ආරම්භ වූයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිකර දෙමින්.

ඒ අනුව නායක අසලංක තීරණය කළේ පළමු ව පන්දු යැවීමටයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇතැම් අවස්ථාවල පීඩනකාරී පන්දු යැවීමක් දියත් කළ ද, නවසීලන්ත පිතිකරුවන් ඊට අවනත නොවී වේගවත් පිතිහරඹයක ද නිරත වුණා.

නවසීලන්තය වෙනුවෙන් මාර්ක් චැප්මන් ලකුණු 42ක් සහ ටිම් රොබින්සන් ලකුණු 41ක් ලබාගත්තා.

මිචෙල් හයි නොදැවී ලකුණු 41ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී වනිඳු හසරංග කඩුලු 02ක් සහ මතීෂ පතිරණ හා නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව තීරණාත්මක දෙවැනි තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 120ක දී ලකුණු 187ක් ලබාගත යුතුයි.

මේ වන විට තරගාවලියේ තරග 1-0ක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?