කිවියන්ගෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට අභියෝගාත්මක ඉලක්කයක්

සත්කාරක නවසීලන්තය දෙවැනි පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 05ක් දැවී ලකුණු 186ක් ලබා ගත්තා.

අද (30) තරගය මවුන්ට් මෞන්ගනුයි හිදී ආරම්භ වූයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිකර දෙමින්.

ඒ අනුව නායක අසලංක තීරණය කළේ පළමු ව පන්දු යැවීමටයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇතැම් අවස්ථාවල පීඩනකාරී පන්දු යැවීමක් දියත් කළ ද, නවසීලන්ත පිතිකරුවන් ඊට අවනත නොවී වේගවත් පිතිහරඹයක ද නිරත වුණා.

නවසීලන්තය වෙනුවෙන් මාර්ක් චැප්මන් ලකුණු 42ක් සහ ටිම් රොබින්සන් ලකුණු 41ක් ලබාගත්තා.

මිචෙල් හයි නොදැවී ලකුණු 41ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී වනිඳු හසරංග කඩුලු 02ක් සහ මතීෂ පතිරණ හා නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව තීරණාත්මක දෙවැනි තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 120ක දී ලකුණු 187ක් ලබාගත යුතුයි.

මේ වන විට තරගාවලියේ තරග 1-0ක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47


?