කිරිපිටි හිඟය ගැන තවත් ඉඟියක්

රට තුළ පවතින කිරිපිටි හිඟය ලබන පෙබරවාරි මස පමණ වන විට සාමාන්‍ය තත්ත්වයකට පත්වනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර කියා සිටියේ ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී කිරිපිටි මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවයි.

වෙළඳපොලේ පවතින කිරිපිටි හිඟය හමුවේ ඇතැම් ප්‍රදේශ වල කිරිපිටි ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරන බවට ද තොරතුරු වාර්තා වනවා.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර කියා සිටියේ පවතින ඩොලර් අර්බුදය හමුවේ බංකු තුළ ණයවර ලිපි විවෘත කර ගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් ආනයනික කිරිපිටි ඇණවුම් අඩුවීම, මෙම කිරිපිටි හිඟයට හේතු වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?