කිරිඳිඔයේ සැඩ පහරට හසු වූ පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවෙයි

වැල්ලවාය සහ කිරිදිඔය ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ (01) පස්වරුවේ දී අධික වර්ෂාපතනයක් ඇද හැලුණු අතර එම වර්ෂාපතනය සමග එම ඔයෙහි ජල මට්ටම ශීඝ්‍ර ලෙස වැඩි වී, එහි ජල පහරට හසුව පුද්ගලයෙකු ගසාගෙන ගොස් තිබෙනවා.

එලෙස ගසාගෙන ගිය පුද්ගලයාගේ මළසිරුර තවමත් හමු වී නොමැති බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් මීට දින කිහිපයකට පෙර කිරිඳිඔයේම ගසාගෙන ගොස් අතුරුදන් ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් එම සෝදිසි මෙහෙයුමේ දී සොයා ගැනුණා.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවාය – තෙලුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

එමෙන්ම මේ දිනවල කිරිඳිඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඒ පිළිබඳ ව අවධානයෙන් පසුවන ලෙස මොනරාගල ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?