කිරිදෙන මව්වරුන්ට ‘කොවිඩ් එන්නත ගැන’ සුබ පණිවිඩයක්

එන්නත් ලබාගත නොහැකි වෙනත් හේතුවක් නොමැති නම් කිරිදෙන මව්වරුන් එන්නත් ලබාගැනීම සුදුසු බව වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා.

එන්නත ලබා ගැනීම මව්කිරී දීම වෙනස් කිරීමට  හේතුවක් නොවන බව ද ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියා.

ගර්භනී මවුවරුන්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් පර්යේෂණ පවත්වා නොමැති බවද වෛද්‍යවරයා සඳහන් කළා.

“ගර්භණී අවස්ථාවේදී එන්නත ලබාදීම සම්බන්ධයෙන් සම්පූර්ණ නිර්දේශයක් ලැබිලා නෑ. මොකද තාමත් මේ ගර්භණී මව්වරුන් අතර එන්නත් ලබාගැනීම පිළිබඳව පර්යේෂණ සිදුවෙලා නෑ. ” යනුවෙන් ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?