කිඹුලෙකු ඩැහැගෙන ගිහින් පුද්ගලයෙක් අතුරුදන්

අක්කරපත්තුව, පෙරියපල්ලකාඩු ප්‍රදේශයේ ගල්ඔය ගඟේ දී කිඹුලෙකු විසින් පුද්ගලයෙක් ඩැහැගෙන ගොස් එම පුද්ගලයා අතුරුදන් වී තිබෙනවා.

ඊයේ (04) දහවල් ‌කාලයේ දී මෙලෙස කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇත්තේ ඔළුවිල් 01 ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 37ක පුද්ගලයෙක්.

අතුරුදන් වූ පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ ගල්ඔය ගඟේ එගොඩ ඉවුරේ නවතා තිබූ ඔරුවක් රැගෙන ඒම සඳහා පිහිනාගෙන යමින් සිටිය දී මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇති බවයි සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලිස් නිලධාරීන්, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක්, සමන්තුර වනජීවි නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත් කර ඇති අතර අක්කරපත්තුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අපේ රටේ පණ්ඩිතයෝ ඉන්නවා ඒදණ්ඩ දැක්ක ගමන් දණිස් දෙක පිං පොන් ගානවා..අඹරන මැෂින් 5න් 2ක් කොට උඩ
06:02
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රී ඩ්‍රයිවින් ගැන ගැම්මට කිව්ව කතාව.."මමත් හොඳ ඩ්‍රයිවර් කෙනෙක්"
01:47
Video thumbnail
අර මල්කාන්ති මට හැමදාම කතා කරනවා..ඒ වැටලීම කරන්න..වටගල කිව්ව සැර කතාව
05:16
Video thumbnail
Highway එකේදි තෙල් නැතුව නැවතුණ තෙල් බවුසරයට.."මේකෙන් මිනිස්සු අසරණ වෙනවා"
03:00
Video thumbnail
නිසල සිරුරත් සමඟම ඉන්ධනහලට ආ මල්ශාලා රථය.."තෙල් නැතුව නතර වුණා මහත්තයා"
00:41
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න
01:37
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ඇතිවන බලපෑම අනිල් ජාසිංහ හෙළිකරයි..විජලනය, උෂ්ණතා ආබාධ ඇතිවීමේ අවදානමක්
04:16
Video thumbnail
ෂෙඩ් එක ඇතුළේ කළු බිස්නස් එකක් යනවා..රු.200 ෆුල් ටෑන්ක් ගහලා දෙනවා
03:14
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න.."අනේ..සුදූ..සුදූ මේ බලන්නකෝ..අනේ"
02:31