AFC Banner
AFC Banner
Empty Ad

කිම් -ජොන්ගෙන් නව වසරට පුටින් හට උත්තමාචාර

උතුරු කොරියානු නායක කිම් – ජොන් – උන් 2025 නව වසර වෙනුවෙන් රුසියානු නායක ව්ලැද්මීර් පුටින් හට සිය උත්තමාචාරය පිරිනමා තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ එය සහෝදර සුබ පැතුමක් බවයි.

මොස්කව් නුවර නව නාසිවාදය පරාජය කර යුක්‍රේනයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇතැයි උතුරු කොරියානු නායකයා විශ්වාසය පළ කරනවා.

එමෙන්ම මොස්කව් සහ පියොංයැං අතර පවතින සංකීර්ණ වූ මිත්‍ර සබඳතා පුළුල් කිරීම අරමුණ බව ද සඳහන් කරනවා.

නව වසර සනිටුහන් කිරීමට ලිපියක් යවමින්, කිම් ඔහුගේ “ආදරණීය මිතුරා සහ සහෘදයා” වන පුටින්, රුසියානු ජනතාව සහ රුසියානු හමුදා නිලධාරීන් වෙත සිය සුබ පැතුම් පිරිනැමූ බව කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) සිය වාර්තා පළ කර තිබෙනවා.

කිම්; පුටින්ට ප්‍රාර්ථනා කළේ “ඔහුගේ වගකීම් සහ බර රාජ්‍ය නායකත්ව ක්‍රියාකාරකම් සහ රුසියානු ජනතාවට සමෘද්ධිය, යහපැවැත්ම සහ සතුට” සඳහා විශාල සාර්ථකත්වයක් ලැබෙනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?