AFC Banner
Empty Ad
Empty Ad

කින්නියාවේ පාරු අනතුර : පුද්ගලයින් 03ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය, කින්නියා කලපුවේ ගිලී ගිය පාරුව මෙහෙයවූ පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අද දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ඛේදජනක සිද්ධියෙන් පාසල් සිසුන් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 17 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ කින්නියා ප්‍රදේශයේ යාත්‍රා සේවාව ක්‍රියාත්මක කිරීමට සියලු රාජ්‍ය ආයතන අවසර ප්‍රතික්ෂේප කර ඇති බවයි.

කෙසේ වෙතත් කින්නියා නගර සභාවේ සභාපතිවරයා විසින් කලපුව හරහා මගීන් ප්‍රවාහනය කිරීම සඳහා වන පාරු සේවය පවත්වා ගෙන යෑමට පුද්ගලයෙකුට බලපත්‍රයක් නිකුත් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

කින්නියා නගර සභාව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යටතේ පවතීනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?