කින්ග් කෝලි ටෙස්ට් පිටියෙන් නික්ම යන බවට නිල වශයෙන් නිවේදනය කරයි

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ මෙන් ම ලෝක ක්‍රිකට් පිටියේ ද බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවෙකු වන විරාට් කෝලි නිල වශයෙන් තමන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට මීට ටික වේලාවකට (12) පෙර නිවේදනය කර තිබෙනවා.

සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි දීර්ඝ සටහනක් තබමින් කින්ග් කෝලි පවසා ඇත්තේ, මෙම තීන්දුව ගැනීම එතරම් පහසු නොවන බවත්, නමුත් එය මේ මොහොතේ නිවැරදි බවට තමන් විශ්වාස කරන බවයි.

විරාට් කෝලි ඉන්දීය ක්‍රිකට් කළමනාකාරීත්වයට මීට පෙර තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට දැනුම්දී තිබුණ ද, ඔවුන් ඉල්ලා තිබුණේ එම තීරණය තවදුරටත් සලකා බලන ලෙසයි.

නමුත් කෝලි සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි මෙසේ සඳහන් කර තිබෙනවා.

මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ දී මුලින්ම ලා නිල් පැහැති ඇඳුමක් ඇඳගෙන අවුරුදු 14ක් ගත වෙලා. අවංකවම, මේ ක්‍රිකට් ආකෘතිය මාව මේ ගමනට ගෙන යයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඒක මාව පරීක්ෂා කළා, මාව හැඩ ගැස්සුවා, ජීවිත කාලය පුරාම මට පාඩම් ඉගැන්නුවා. සුදු ඇඳුමින් ක්‍රීඩා කිරීම ගැන පෞද්ගලිකව දකින දෙයක් තිබෙනවා. නිහඬ බව, දිගු දින මේ සියල්ලම මගේ ජීවිතේ තීරණාත්මකයි.

මම මේ ආකෘතියෙන් ඉවත් වීමට ගත් තීරණය පහසු නෑ.නමුත් ඒක නිවැරදියි කියලා හැඟෙනවා. මා සතුව තිබූ සියල්ලම මම ඒ වෙනුවෙන් ලබා දී ඇති අතර, එය මට බලාපොරොත්තු වූවාට වඩා දේ ඉතා ඉක්මනින් ලබා දී තිබෙනවා.

ක්‍රීඩාව වෙනුවෙන්, මා සමග පිටියේ දී හැම මොහොතම බෙදාහදා ගත් සියල්ලම වෙනුවෙන් මගේ කෘතඥතාව පිරුණු හදවතින් ස්තුති කර, මං ඉන් පිටත්ව යනවා..

මම මගේ ටෙස්ට් ජීවිතය දෙස සැමවිටම සිනහවකින් ආපසු බලමි!

269, නික්ම යාම.🇮🇳❤️’‘ යනුවෙන් එහි සටහන් කර තිබෙනවා.

36 හැවිරිදි මෙම සුපිරි දකුණත් පිතිකරුවා ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ දිගු කලක් නායකත්වය ද දරා ඇති අතර ඔහු ටෙස්ට් තරග 123ක දී ලකුණු 9230ක් ලබා ගැනීමට සමත් වුණා.

කින්ග් කෝලි යන අන්වර්ථ නාමයෙන් ලෝක පූජිත ක්‍රිකට් තරුවක් ලෙස කවදත් වැජඹුණු මොහු සිට ටෙස්ට් දිවියේ ලබා ගත් ඉහළතම ලකුණු සංඛ්‍යාව වනුයේ නොදැවුණු 254යි.

ටෙස්ට් ශතක 30ක් සහ ටෙස්ට් අර්ධ ශතක 31ක් කෝලි නමින් ලියැවී තිබෙනවා.

2011 ජුනි මස 20 වැනි දින කින්ග්ස්ටන් හි දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි කින්ග් කෝලි මංගල ටෙස්ට් වරම් හිමිකර ගත්තේ.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ජූනි මාසයේ පැවැත්වීමට නියමිත තරග පහකින් යුත් එංගලන්ත සංචාරයට පෙර, විරාට් කෝලි ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට දැනුම්දී තිබෙනවා.

2010 සහ 2019 අතර කාලය තුළ ඉන්දියාවේ වඩාත්ම සාර්ථක ටෙස්ට් පිතිකරුවා වූයේ ද කින්ග් කෝලි යි.

එම කාලය තුළ කෝලි තුන්වන වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා ද වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34