කින්ග් කෝලි ටෙස්ට් පිටියෙන් නික්ම යන බවට නිල වශයෙන් නිවේදනය කරයි

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ මෙන් ම ලෝක ක්‍රිකට් පිටියේ ද බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවෙකු වන විරාට් කෝලි නිල වශයෙන් තමන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට මීට ටික වේලාවකට (12) පෙර නිවේදනය කර තිබෙනවා.

සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි දීර්ඝ සටහනක් තබමින් කින්ග් කෝලි පවසා ඇත්තේ, මෙම තීන්දුව ගැනීම එතරම් පහසු නොවන බවත්, නමුත් එය මේ මොහොතේ නිවැරදි බවට තමන් විශ්වාස කරන බවයි.

විරාට් කෝලි ඉන්දීය ක්‍රිකට් කළමනාකාරීත්වයට මීට පෙර තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට දැනුම්දී තිබුණ ද, ඔවුන් ඉල්ලා තිබුණේ එම තීරණය තවදුරටත් සලකා බලන ලෙසයි.

නමුත් කෝලි සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි මෙසේ සඳහන් කර තිබෙනවා.

” මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ දී මුලින්ම ලා නිල් පැහැති ඇඳුමක් ඇඳගෙන අවුරුදු 14ක් ගත වෙලා. අවංකවම, මේ ක්‍රිකට් ආකෘතිය මාව මේ ගමනට ගෙන යයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඒක මාව පරීක්ෂා කළා, මාව හැඩ ගැස්සුවා, ජීවිත කාලය පුරාම මට පාඩම් ඉගැන්නුවා. සුදු ඇඳුමින් ක්‍රීඩා කිරීම ගැන පෞද්ගලිකව දකින දෙයක් තිබෙනවා. නිහඬ බව, දිගු දින මේ සියල්ලම මගේ ජීවිතේ තීරණාත්මකයි.

මම මේ ආකෘතියෙන් ඉවත් වීමට ගත් තීරණය පහසු නෑ.නමුත් ඒක නිවැරදියි කියලා හැඟෙනවා. මා සතුව තිබූ සියල්ලම මම ඒ වෙනුවෙන් ලබා දී ඇති අතර, එය මට බලාපොරොත්තු වූවාට වඩා දේ ඉතා ඉක්මනින් ලබා දී තිබෙනවා.

ක්‍රීඩාව වෙනුවෙන්, මා සමග පිටියේ දී හැම මොහොතම බෙදාහදා ගත් සියල්ලම වෙනුවෙන් මගේ කෘතඥතාව පිරුණු හදවතින් ස්තුති කර, මං ඉන් පිටත්ව යනවා..

මම මගේ ටෙස්ට් ජීවිතය දෙස සැමවිටම සිනහවකින් ආපසු බලමි!

269, නික්ම යාම.🇮🇳❤️’‘ යනුවෙන් එහි සටහන් කර තිබෙනවා.

36 හැවිරිදි මෙම සුපිරි දකුණත් පිතිකරුවා ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ දිගු කලක් නායකත්වය ද දරා ඇති අතර ඔහු ටෙස්ට් තරග 123ක දී ලකුණු 9230ක් ලබා ගැනීමට සමත් වුණා.

කින්ග් කෝලි යන අන්වර්ථ නාමයෙන් ලෝක පූජිත ක්‍රිකට් තරුවක් ලෙස කවදත් වැජඹුණු මොහු සිට ටෙස්ට් දිවියේ ලබා ගත් ඉහළතම ලකුණු සංඛ්‍යාව වනුයේ නොදැවුණු 254යි.

ටෙස්ට් ශතක 30ක් සහ ටෙස්ට් අර්ධ ශතක 31ක් කෝලි නමින් ලියැවී තිබෙනවා.

2011 ජුනි මස 20 වැනි දින කින්ග්ස්ටන් හි දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි කින්ග් කෝලි මංගල ටෙස්ට් වරම් හිමිකර ගත්තේ.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ජූනි මාසයේ පැවැත්වීමට නියමිත තරග පහකින් යුත් එංගලන්ත සංචාරයට පෙර, විරාට් කෝලි ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට දැනුම්දී තිබෙනවා.

2010 සහ 2019 අතර කාලය තුළ ඉන්දියාවේ වඩාත්ම සාර්ථක ටෙස්ට් පිතිකරුවා වූයේ ද කින්ග් කෝලි යි.

එම කාලය තුළ කෝලි තුන්වන වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා ද වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46