කෑම කාපු හෝටලේ බිල එද්දී පපුවේ අමාරුව හැදිලා – කලක් තිස්සේ කරගෙන ආ වංචාව මාට්ටු

අවන්හල්වලින් ආහාර ලබාගත් පසු ඒ සඳහා බිල්පත් නොගෙවීමට කූඨ උපක්‍රමයක් අනුගමනය කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

50 හැවිරිදි ලිතුවේනියානු ජාතිකයෙක් වන මෙම පුද්ගලයා ස්පාඤ්ඤයේ බ්ලැන්කා ප්‍රදේශයේ ජිවත්වන අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා ස්පාඤ්ඤයේ ඇති ප්‍රසිද්ධ අවන්හල් වෙත ගොස් ඒවායෙන් ආහාර ලබාගැනීමට හුරුව තිබෙනවා.

ආහාර ලබා ගැනීමෙන් පසු ඒ සඳහා අවන්හල මඟින් නිකුත් කරනු ලබන බිල ඔහු අතට පත්වීමෙන් අනතුරුව මෙම පුද්ගලයා හදිසි හෘදයාබාධ තත්ත්වයක් පෙන්වා බිම ඇද වැටෙන බවයි වාර්තා වන්නේ.

මෙය බිල්පත් නොගෙවීමට ඔහු විසින් යොදාගත් කූඨ උපක්‍රමයක් බවට පසුව අනාවරණය වී තිබෙනවා.

මොහු විසින් ස්පාඤ්ඤයේ ඇති ප්‍රසිද්ධ අවන්හල් විස්සකට පමණ මෙම වංචාව සිදුකර ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මොහු අවසන්වරට ආහාර ලබාගත් අවන්හල තුළ දී ද මෙම ව්‍යාජ රංගනය සිදුකර ඇති අතර, එය බොරුවක් බවට දැනගත් එහි සේවකයින් ඔහුව පොලිසියට හසුකර දීමට කටයුතු කර තිබෙනවා.

අනතුරු මෙම පුද්ගලයාට දඩ මුදලක් ගෙවීමට අධිකරණයෙන් නියෝග කර ඇති අතර, එහිදී එය ගෙවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු දින 42ක් සිරගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

කෙසේ වෙතත්, ආපනශාලා හිමියන් ඔහුව වසර 02ක කාලයක් සිරගත කළ හැකි ඒකාබද්ධ පැමිණිල්ලක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
33
+1
2
+1
2
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15