Empty Ad
AFC Banner
Empty Ad

කෑගල්ලේ පෞද්ගලික රෝහලක් වසා දැමේ

කෑගල්ල නගරයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගත් රෝගියෙකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් එම රෝහල දින 14ක් වසා තැබීමට අද (10) පියවර ගත් බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.එම්.ආර්.එස්.එන්. බණ්ඩාර අත්තනායක මහතා පවසයි.

කෑගල්ල, බල්ලපාන ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (9) පෙරවරුවේ අදාළ පෞද්ගලික රෝහලෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගෙන ඇති අතර එහිදී ඔහුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

නමුත් එම පී.සී.ආර්. පරීක්ෂණය නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකුලව සිදු කොට නොමැති බවත් පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලය විසින් අදාළ ආසාදිතයා කෑගල්ල මහා රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ද ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.

අදාළ පෞද්ගලික රෝහල වෙත අද දින ගිය, කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු, එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිව් දෙනෙකු නිවෙස් බලා පිටත් කර යැවූ අතර සේවය කරමින් සිටි රෝහල් කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුට නිවෙස්වලට වී ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසද දැනුම් දී ඇත.

එම පෞද්ගලික රෝහලේ CCTV කැමරා පද්ධතිය අක්‍රීය වී ඇති බැවින් රෝහලට පැමිණි ජනතාව හඳුනාගැනීමට නොහැකි වී ඇති අතර ආසාදිත පුද්ගලයා ඇසුරු කළ ආශ්‍රිතයන් මේ වන විට හඳුනාගැනීමට කටයුතු කරන බව බණ්ඩාර අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
<p>?</p>