කෑගල්ලේ පෞද්ගලික රෝහලක් වසා දැමේ

කෑගල්ල නගරයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගත් රෝගියෙකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් එම රෝහල දින 14ක් වසා තැබීමට අද (10) පියවර ගත් බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.එම්.ආර්.එස්.එන්. බණ්ඩාර අත්තනායක මහතා පවසයි.

කෑගල්ල, බල්ලපාන ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (9) පෙරවරුවේ අදාළ පෞද්ගලික රෝහලෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගෙන ඇති අතර එහිදී ඔහුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

නමුත් එම පී.සී.ආර්. පරීක්ෂණය නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකුලව සිදු කොට නොමැති බවත් පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලය විසින් අදාළ ආසාදිතයා කෑගල්ල මහා රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ද ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.

අදාළ පෞද්ගලික රෝහල වෙත අද දින ගිය, කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු, එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිව් දෙනෙකු නිවෙස් බලා පිටත් කර යැවූ අතර සේවය කරමින් සිටි රෝහල් කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුට නිවෙස්වලට වී ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසද දැනුම් දී ඇත.

එම පෞද්ගලික රෝහලේ CCTV කැමරා පද්ධතිය අක්‍රීය වී ඇති බැවින් රෝහලට පැමිණි ජනතාව හඳුනාගැනීමට නොහැකි වී ඇති අතර ආසාදිත පුද්ගලයා ඇසුරු කළ ආශ්‍රිතයන් මේ වන විට හඳුනාගැනීමට කටයුතු කරන බව බණ්ඩාර අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක් - පස්දෙනෙකු තුවාල ලබා රෝහලේ
01:11
Video thumbnail
ජනාධිපතිගේ ගිණුමේ බාගයක්ම හැකර් පැනලා උස්සලා - බොරුවක් වහගන්න බොරු 100ක් කියන්න වෙලා
09:56
Video thumbnail
නාමල්ගේ කතාව මැද මාමා කෙනෙක් කිව්ව දේට නාමල්ටත් හිනා - හොරුනේ..හොරු හොරුනේ ඉතින්
06:53
Video thumbnail
විනාඩි 5ක් ඇතුළත ඔක්කොම ඇවිලිලා ඉවරයි - සංචාරක හෝටලයක හදිසියේම හටගත් මහ ගින්න
01:22
Video thumbnail
රටේ ගොවියා පාරිභෝගිකයා ගැන හිතන්නේ නෑ - ලාල්කාන්තට යකා නගියි
05:19
Video thumbnail
නොසැලකිල්ල තමයි මේ රටටම බලපාලා තියෙන කිල්ල - බාධා කළොත් තවත් නීතියට යටත් වෙන්න වෙයි
02:48
Video thumbnail
මේ ආණ්ඩුව සමාජයේ පැරදිලා ඉන්නේ - මුළු රටම මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය හා සමානයි..
02:09
Video thumbnail
විවාදයෙන් පසු මුජිබුර් ආණ්ඩුවට සැරටම අමතයි - ඔළු ගණන්වලින් පැරදී හැබැයි එළියේ අපි දිණුම්
02:49
Video thumbnail
රජීව්, සජිත් එක්ක ඩීල් දාලාද ? මේ රටට ආපහු මැතිවරණ නැතිවෙන්න යන්නේ
05:01