කැළණි සරසවියේ සිසුවෙක් හදිසියේ මිය ගිහින් – පාලනාධිකාරියට චෝදනා

නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටි අවසන් වසර ශිෂයයකු ඊයේ (24) රාත්‍රියේ හදිසියේ අසනීපව මිය යාම හේතුවෙන් කැළණිය විශ්වවිද්‍යාලය තුළ නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

විශ්වවිද්‍යාල ශීෂ්‍ය නියෝජිතයින් පවසන්නේ ගිලන් වූ ශිෂ්‍යයා රෝහලට රැගෙනයෑමට විශ්වවිද්‍යාලය තුළ ගිලන් රථයක් නොතිබීම හේතුවෙන් ශිෂ්‍යයාගේ ජීවිතය රැකගැනීමට නොහැකි වූ බවයි.

ඊයේ රාත්‍රියේ ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ අවසන් වසර ඉගනුම ලබමින් සිටි නිරෝෂන ලක්මාල් නැමති සිසුවෙක්.

මියගිය ශිෂ්‍යයාගේ ජීවිතය රැකගැනීමට නොහැකි වූයේ විශ්වවිද්‍යාල පරිපාලනයේ නොසැලකිල්ල නිසා බව පවසමින්, සිසුන් මේ වනවිට විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකර විරෝධතාවක නිරතව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?