කැළණි ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙකු අතුරුදන්

කැළණි ගඟේ දියනෑමට ගිය තරුණයන් හතරදෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මොවුන් ඊයේ (01) පස්වරුවේ මීපිටිය පාලම අසළින් කැළණිගඟේ දිය නෑම සඳහා ගොස් ඇති බවයි.

මෙම තරුණයන් හතරදෙනාම දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් නවගමුව ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණපා තිබෙනවා.

අතුරුදන්වූ තරුණයින් සොයා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඔවුන් අවුරුදු 18 සහ 22 යන වයස්වල පසුවන බවයි පොලීසිය සඳහන් කළේ. දියනෑම සඳහා පැමිණි අවස්ථාවේදී ඔවුන් මත්පැන් පානය කර ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?