කැළණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය හා අවිස්සාවේල්ල අතර සැතපුම් 35 දම්වැල් 30 කිරිවන්දල ස්ථානය අසල හයිලෙවල් මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා තාවකාලිකව වසා තබන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ, අනුව අදාළ අලුත්වැඩියා කටයුතු මාර්තු 05 සිට මාර්තු 08 අතර කාලයේ සිදුකිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
එම දිනයන්වල දී පහත පරිදි මහා මාර්ගයේ වාහන ගමනාගමනය අර්ධ හා සම්පූර්ණ වශයෙන් වසා තැබෙනවා.
2026 මාර්තු 05 දින බ්‍රහස්පතින්දා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන්.
2026 මාර්තු 06 සිකුරාදා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන්.
2026 මාර්තු 07 සෙනසුරාදා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන් සහ පෙ.ව 9.00 සිට ප.ව 1.30 අතර කාලය තුල පැය භාගයක කාල පරිච්ඡේදයක් සඳහා සම්පූර්ණයෙන්.
2026 මාර්තු 08 ඉරිදා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන් සහ පෙ.ව 9.00 සිට ප.ව 1.30 අතර කාලය තුල පැය භාගයක කාල පරිච්ඡේදයක් සඳහා සම්පූර්ණයෙන්.



