කැළණිය වඳින්න ආ යුවළකගේ යතුරුපැදියක් සොරාගත් සිද්ධියකට කතක් අත්අඩංගුවට

කැළණි විහාරය වැඳපුදා ගැනීමට පැමිණි යුවළකගේ යතුරුපැදියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) පස්වරුවේ කැළණි විහාරය වැඳ පුදා ගැනීමට පැමිණි යුවළකට අයත් යතුරුපැදියක් විහාරස්ථාන රථගාලේ දී සොරාගෙන ගොස් ඇති බවටයි පොලිසියට පැමිණිලක් ලැබී ඇත්තේ.

යතුරුපැදියේ සවිකර තිබූ GPS උපාංගය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මීගහවත්ත, කඳුබොඩ ප්‍රදේශයේ නිවසක ලොරි රථයක් තුළ සඟවා තිබියදී එය සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එහිදී නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, යතුරුපැදිය සඟවා තිබූ ලොරි රථය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය අද (20) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

යතුරුපැදිය සොරාගත් සැකකරුවන් සොයා කැළණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?