AFC Banner
Empty Ad
Empty Ad

කැස්බෑ, ඩොල්ෆින් සිරුරු වෙරළ වෙත ගොඩගසයි – නැව තවත් ගිලෙයි

මියගිය මුහුදු ජීවීන්ගේ සිරුරු විශාල ප්‍රමාණයක් මේවන විට මෙරට වෙරළ තීරයන්ට ගොඩගසමින් පවතින බව වාර්තා වෙනවා.

මෙම සතුන් අතරට කැස්බෑවන් 6 දෙනෙකු සහ එක් ඩොල්ෆින් සත්ත්වයෙකු ද ඇතුළත් බවයි පැවසෙන්නේ.

විවිධ ප්‍රදේශවලට මසුන් විශාල ප්‍රමාණයෙන් ගොඩගසමින් පවතින අතර කැස්බෑවුන් සහ ඩොල්ෆීන් සත්ත්වයා ගොඩගසා ඇත්තේ ඉඳුරුව, කොස්ගොඩ, වාද්දුව, දෙහිවල, පයාගල ඇතුළු වෙරළ තීරයන්වලට යි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙහි ආපදා සිදුවීම ආරම්භ වූවායින් පසු මින් පෙර ද මසුන් සහ කැස්බෑවුන් වෙරළට ගොඩගසා තිබූ අයුරු දක්නට ලැබුණා.

ඇතැම් කැස්බෑවුන් අසාධ්‍ය තත්ත්වයෙන් වෙරළට පැමිණ තිබුණු බවයි නිරීක්ෂණය වූයේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විනාශකාරී අම්ල සහ විෂ රසායනිකයන් ගණනාවක් ප්‍රවාහනය කරමින් තිබුණු අතර ඒවායින් බොහොමයක් සාගර ජලයට මුසු වූවා.

එමෙන්ම ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තයේ අමුද්‍රව්‍යයක්වන පොලිතීන් කැට ටොන් ගණනක් මුහුදු ජලය හා එක් වූ අතර මියගිය ඇතැම් සතුන්ගේ මුඛය, කරමල් සහ උදරය ආශ්‍රිතව එම කැට තැන්පත් වී ඇති බවයි නිරීක්ෂණය වූයේ.

මේ අතර මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තවදුරටත් සාගර ජලයෙන් වැසී ගොස් තිබෙන අයුරු මේවන විට දක්නට හැකියි.

නාවික හමුදාව විසින් එහි දත්ත රෙකෝඩරය ගොඩ ගෙන ඇති අතර එය මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත් කොට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?