spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධුරයට තරග වදින බණ්ඩාරවෙල චමත් පළිහපිටිය

බණ්ඩාරවෙල චමත් පළිහපිටිය මහතා 2022 වසරේදී අමෙරිකාවේ ජනාධිපතිවරයාගේ පක්ෂයෙන් කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයට තරග වදින බව බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති වසන්ත එදිරිසිංහ මහතා අනාවරණය කර සිටියේය.

එම ප‍්‍රාදේශීය සභාවේ පසුගිය මාසික මහ සභා රැස්වීමේදී අදහස් දක්වමින් මෙම හෙළිදරව්ව කර සිටි අතර හේ මෙසේ ද කීය.

‘‘අඹදණ්ඬේගම දරුවෙක් හිටියා. ඒ දරුවට ඉහළට ඉගෙන ගන්න බැරිව ගියා. තාත්තා මේ දරුවා එකතු කරගෙන ගිහින් වෘත්තීය පුහුණුවට දැම්මා. පස්සෙ රුපියල් 85,000 ක පඩියට රැකියාවක් කළා. ඉන් පස්සෙ කැනඩාවේ පදිංචි පවුලක් එක්ක මේ තරුණයාත් කැනඩාවට ගියා. එහෙ ගිහින් ඩොලර් මිලියන 600 කින් පොඩි සමාගමක් පිහිටුවා ගත්තා. කළමනාකරණ උපාධියකුත් ගත්තා. එන්න එන්නම දියුණු වුණා. අද වනවිට අභ්‍යවකාශ ආයතනයක ව්‍යාපෘති භාර සමාගම් ප‍්‍රධානියෙක් ලෙස කටයුතු කරනවා.

ඔහුගේ අලූත්ම ඉලක්කය තමයි කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයට තරග කිරීම. 2022 දී අමෙරිකාවේ ජනාධිපතිවරයාගෙ පක්ෂයෙන් කැලිෆෝනියා ආණ්ඩුකාර ධුරයට තරග වදින්නේ ශ‍්‍රී ලංකාවේ චමත් පළිහපිටියයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?