කැලණිවැලි මාර්ගයේ දුම්රිය කිහිපයක් ධාවනය තාවකාලිව අත්හිටුවයි

අද (22) සහ හෙට (23) දිනයේ දී කැලණිවැලි මාර්ගයේ ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් ධාවනය කිරීම තාවකාලිව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව,
පෙ.ව. 08:30 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (මන්දගාමී)
ප.ව. 01:55 කොළඹ කොටුව – පාදුක්ක (මන්දගාමී)
ප.ව. 04:00 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (අර්ධ සීඝ්‍රගාමී)
ප.ව. 12:25 අවිස්සවේල්ල – කොළඹ කොටුව (මන්දගාමී)
ප.ව. 03:45 පාදුක්ක – කොළඹ කොටුව (අර්ධ සීඝ්‍රගාමී) යන දුම්රියන් මෙලෙස තාවකාලිකව ධාවනය අත්හිටුවනු ඇති.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරිවත්ත ප්‍රදේශයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය කිහිපයක් තාවකාලිව ධාවනය අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?