කැම්පස් සිසුන්ට අයිස් බෙදූ සැකකරු අත්අඩංගුවට

මොරටුව, කටුබැද්ද විශ්ව විද්‍යාලයේ සිසුන් සඳහා අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින ජාවාරමේ නිරත වූ බවට සැකකරන යුධ හමුදාවේ සේවය කළ පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද පුද්ගලික තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මොරටුව, කටුබැද්ද විශ්ව විද්‍යාලයේ සිසුන් සඳහා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් බෙදාහරින සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන දැනට විදේශගතව සිටින අසිත ප්‍රනාන්දු යන අයගේ ප්‍රබල ගෝලයෙක් වන යුධ හමුදාවේ සේවය කළ පුද්ගලයෙක් බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මොරටුමුල්ල පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?