කැබිනට් සංශෝධනයක්.. ප‍්‍රධාන ඇමති ධුර කිහිපයක් ගැලවෙයි

එළැඹෙන වසරේ මුල් දින කිහිපය තුළ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියි.

මේ යටතේ ප්‍රධාන පෙළේ ඇමතිධුර කිහිපයක ද වෙනස්වීම් සිදු වනු ඇතැයි වාර්තා වෙයි.

රජයේ වැඩපිළිවෙළ වේගවත්ව සහ නව ජවයකින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති නිසා එම කැබිනට් සංශෝධනය සිදු කරනු ඇති බවත් ආරංචි මාර්ග තව දුරටත් පැවසීය.

කෙසේ වෙතත් තවත් මේ මොහොතේ ඇමති මණ්ඩල සංශෝධනයක් නොව රජයේ ඉහල නිලධාරි සංශෝධනයක් සිදු කල යුතු බවට තවත් යෝජනාවක් සාකච්චාවට ගැනෙමින් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?