අනුරාධපුර කැබතිගොල්ලෑව ප්‍රදේශයේ පොලිසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.
කැබතිගොල්ලෑව ප්‍රදේශයේදී අලියෙකු පහරදීම හේතුවෙන් කාන්තාවක් මියගොස් ඇති බවට වාර්තාවීමත් සමග පොලිසිය එම ස්ථානයට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී එහි සිටි පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ අවස්ථාවේදී පොලිසිය සහ එම පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.
තත්ත්වය පාලනය කිරීමට පොලිසිය විසින් අහසට වෙඩි තැබීමක්ද සිදුකර ඇති බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6