කැන්ඩිවරුන්ට ලකුණු 180ක ඉලක්කයක් – චැප්මන් හා චමිඳුගෙන් ශක්තිමත් සබඳතාවක්

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය අද (01) රාත්‍රියේ දී ඇරඹුණු අතර පළමු තරගයේ ජයග්‍රහණය සඳහා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට ලකුණු 180ක ඉලක්කයක් දඹුල්ල සික්සර්ස්වරුන්ගෙන් හිමිවුණා.

අද රාත්‍රී 7.30ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇරඹුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ කැන්ඩිවරුන්ගේ නායක වනිඳු හසරංගයි.

වනිඳු පළමු ව පන්දු යැවීම තෝරාගත් අතර දඹුල්ල සික්සර්ස්වරුන් ඒ අනුව පළමු ව පන්දුවට පහරදීමට පිටියට පිවිසියා.

ආරම්භයේ සිට ම පන්දුවෙන් පීඩනයක් එල්ල කිරීමට කැන්ඩිවරුන් සමත් වුණ ද, එය වැඩිවේලා තබා නොගෙන පිතිකරණයේ යෙදෙන්නට සික්සර්ස්වරුන් කටයුතු කළා.

ඔස්ට්‍රෙලියාවේ දී අපරාධ චෝදනාවකට ලක් ව ක්‍රිකට් තහනමකට ලක් වූ ධනුෂ්ක ගුණතිලක ද අද කලකට පසුව ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කරගත්තා.

ඒ දඹුල්ල සික්සර්ස්වරුන් වෙනුවෙන්.

මුල් කඩුලු 04 අඩු ලකුණු සංඛ්‍යාවක දී දැවී ගිය ද; පස්වැනි කඩුල්ලට ලකුණු 153ක ශක්තිමත් සබඳතාවක් ගොඩනගන්නට මාර්ක් චැප්මන් සමග එක් වූ චමිඳු වික්‍රමසිංහ සමත් වුණා.

මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 91ක් ලබා ගත්තේ දැවැන්ත හයේ පහර 04ක් සහ හතරේ පහර 08 ක් සමගින්.

ඊට පන්දු 61ක් ඇතුළත්.

චමිඳු වික්‍රමසිංහ ද නොදැවී ලකුණු 62ක් රැස් කළා.

ඊට හතරේ පහර 04ක් සහ හයේ පහර 03ක් ඇතුළත්.

කඩුලු බිඳ දැමීමේ දී කැන්ඩිවරුන් වෙනුවෙන් දසුන් ශානක ලකුණු 20කට කඩුලු 03ක් සහ මොහොමඩ් හස්නේන් ලකුණු 53කට එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

ඒ අනුව දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34