කැන්ඩිවරුන්ට ලකුණු 180ක ඉලක්කයක් – චැප්මන් හා චමිඳුගෙන් ශක්තිමත් සබඳතාවක්

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය අද (01) රාත්‍රියේ දී ඇරඹුණු අතර පළමු තරගයේ ජයග්‍රහණය සඳහා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට ලකුණු 180ක ඉලක්කයක් දඹුල්ල සික්සර්ස්වරුන්ගෙන් හිමිවුණා.

අද රාත්‍රී 7.30ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇරඹුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ කැන්ඩිවරුන්ගේ නායක වනිඳු හසරංගයි.

වනිඳු පළමු ව පන්දු යැවීම තෝරාගත් අතර දඹුල්ල සික්සර්ස්වරුන් ඒ අනුව පළමු ව පන්දුවට පහරදීමට පිටියට පිවිසියා.

ආරම්භයේ සිට ම පන්දුවෙන් පීඩනයක් එල්ල කිරීමට කැන්ඩිවරුන් සමත් වුණ ද, එය වැඩිවේලා තබා නොගෙන පිතිකරණයේ යෙදෙන්නට සික්සර්ස්වරුන් කටයුතු කළා.

ඔස්ට්‍රෙලියාවේ දී අපරාධ චෝදනාවකට ලක් ව ක්‍රිකට් තහනමකට ලක් වූ ධනුෂ්ක ගුණතිලක ද අද කලකට පසුව ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කරගත්තා.

ඒ දඹුල්ල සික්සර්ස්වරුන් වෙනුවෙන්.

මුල් කඩුලු 04 අඩු ලකුණු සංඛ්‍යාවක දී දැවී ගිය ද; පස්වැනි කඩුල්ලට ලකුණු 153ක ශක්තිමත් සබඳතාවක් ගොඩනගන්නට මාර්ක් චැප්මන් සමග එක් වූ චමිඳු වික්‍රමසිංහ සමත් වුණා.

මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 91ක් ලබා ගත්තේ දැවැන්ත හයේ පහර 04ක් සහ හතරේ පහර 08 ක් සමගින්.

ඊට පන්දු 61ක් ඇතුළත්.

චමිඳු වික්‍රමසිංහ ද නොදැවී ලකුණු 62ක් රැස් කළා.

ඊට හතරේ පහර 04ක් සහ හයේ පහර 03ක් ඇතුළත්.

කඩුලු බිඳ දැමීමේ දී කැන්ඩිවරුන් වෙනුවෙන් දසුන් ශානක ලකුණු 20කට කඩුලු 03ක් සහ මොහොමඩ් හස්නේන් ලකුණු 53කට එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

ඒ අනුව දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00