AFC Banner
AFC Banner
Empty Ad

කැනඩා සිහින පෙන්වා මුදල් වංචා කළ වෛද්‍යවරයකුට ඇප

කැනඩා රටේ රැකියා සඳහා යවන බව පවසා පුද්ගලයන් හතළිස් දෙනෙකුගෙන් පමණ කෝටි පහකට ආසන්න මුදලක් වංචා සහගතව ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍යවරයකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (18) නියෝග කර තිබෙනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන ආනන්ද වෛද්‍යරත්න නැමැත්තෙකු එසේ ඇපමත මුදා හැර තිබුණා.

කොළඹ වංචා විමර්ශනය අංශය මගින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ජා ඇල ප්‍රදේශයේ පදිංචි ශ්‍රියානි මනම්පේරි නැමැති නීතිඥවරියක්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර අදාල නීතිඥවරියට පෙර නඩු වාරයේදී අධිකරණයෙන් ඇප නියම කෙරුණා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන වෛද්‍යවරයා අදාළ නීතිඥවරියව ඔහුගේ නියෝජිතවරියක් වශයෙන් පත් කරගෙන තිබී ඇති බවත් ඔහු එම නීතිඥවරිය වෙත පුද්ගලයන් යොමු කිරීමෙන් අනතුරුව සැකකාර නීතිඥවරිය පැමිණිලිකරුවන් එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාගෙන කෝටි පහකට ආසන්න මුදලක් වංචා කර ඇති බවට කරුණු හෙළිවී ඇති බවද ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා තිබුණා.

කැනඩා රටට යවන බව පවසා පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති නමුත් ඔවුන් එසේ රැකියා සඳහා යවා නොමැති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි හතළිහක් පමණ තම අංශය වෙත ලැබී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු කොළඹ සංඛ්‍යාව විමර්ශන අංශය විසින් අධිකරණයට දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?