කැනඩා සිහින පෙන්වා මුදල් වංචා කළ වෛද්‍යවරයකුට ඇප

කැනඩා රටේ රැකියා සඳහා යවන බව පවසා පුද්ගලයන් හතළිස් දෙනෙකුගෙන් පමණ කෝටි පහකට ආසන්න මුදලක් වංචා සහගතව ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍යවරයකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (18) නියෝග කර තිබෙනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන ආනන්ද වෛද්‍යරත්න නැමැත්තෙකු එසේ ඇපමත මුදා හැර තිබුණා.

කොළඹ වංචා විමර්ශනය අංශය මගින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ජා ඇල ප්‍රදේශයේ පදිංචි ශ්‍රියානි මනම්පේරි නැමැති නීතිඥවරියක්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර අදාල නීතිඥවරියට පෙර නඩු වාරයේදී අධිකරණයෙන් ඇප නියම කෙරුණා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන වෛද්‍යවරයා අදාළ නීතිඥවරියව ඔහුගේ නියෝජිතවරියක් වශයෙන් පත් කරගෙන තිබී ඇති බවත් ඔහු එම නීතිඥවරිය වෙත පුද්ගලයන් යොමු කිරීමෙන් අනතුරුව සැකකාර නීතිඥවරිය පැමිණිලිකරුවන් එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාගෙන කෝටි පහකට ආසන්න මුදලක් වංචා කර ඇති බවට කරුණු හෙළිවී ඇති බවද ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා තිබුණා.

කැනඩා රටට යවන බව පවසා පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති නමුත් ඔවුන් එසේ රැකියා සඳහා යවා නොමැති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි හතළිහක් පමණ තම අංශය වෙත ලැබී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු කොළඹ සංඛ්‍යාව විමර්ශන අංශය විසින් අධිකරණයට දන්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32