කැනඩාවේ ඔටාවා හිදී 2024 මාර්තු 06 වන දින සිදුවූ පිහි ඇනුමකදී ශ්‍රී ලාංකික දරුවන් හතර දෙනෙකු, ඔවුන්ගේ මව සහ පවුලේ සමීපතමයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර 20 හැවිරිදි තරුණයා වරද පිළිගෙන තිබෙනවා.
ඒ, අනුව ෆෙබ්‍රියෝ ද සොයිසා නැමැති මෙම චූදිතයාට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් පැනවීමටයි එරට අධිකරණයක් නියෝග කර ඇත්තේ.
ෆෙබ්‍රියෝ ද සොයිසා ඊයේ (06) උදෑසන ඔටාවා හි උසස් අධිකරණයේ දී ඔහුගේ නීතිඥ එවන් ලිට්ල් සමඟ පෙනී සිටි අතර, වින්දිතයින් හතර දෙනෙකුගේ පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනාවලට ඔහු එහිදී වරද පිළිගෙන තිබෙනවා.
මේ අතර එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහට එල්ල කළ ප්‍රහාරයෙන් ඔහු බරපතල තුවාල ලැබුවා.
ඝාතනවලින් පසු අත්අඩංගුවට ගැනුණු ඒ වනවිට 19 වන වියේ පසුවූ සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසා පාපොච්චාරණය කර ඇත්තේ, තමන් සතු වූ මුදල් අවසන් වී ඇති නිසා, ඔහුගේ ශිෂ්‍ය වීසා බලපත්‍රය කල් ඉකුත් වූ පසු ශ්‍රී ලංකාවට ආපසු යාමට තිබූ අකමැති හේතුවෙන් සහ තමාගේ ජීවිතය නැති කර ගැනීමට තරම් “දුර්වල” වූ නිසා මෙම ඝාතන සිදු කිරීමට තීරණය කළ බවයි.
ඝාතනයන් සිදුකිරීමට පෙර එනම් මාර්තු 01 වනදා ඔහු මෙම සැලැස්ම සකස් කර බව විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
ෆෙබ්‍රියෝ ද සොයිසා, ඔටාවා හි බාර්හේවන් තදාසන්න ප්‍රදේශයේ වික්‍රමසිංහ පවුල සමඟ ඔවුන්ගේ නිවසේ බිම් මහලේ කුලී නිවැසියෙකු ලෙස ජීවත්ව තිබෙනවා.















