කැනඩාවේ දී ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කළ ෆෙබ්‍රියෝට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කැනඩාවේ ඔටාවා හිදී 2024 මාර්තු 06 වන දින සිදුවූ පිහි ඇනුමකදී ශ්‍රී ලාංකික දරුවන් හතර දෙනෙකු, ඔවුන්ගේ මව සහ පවුලේ සමීපතමයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර 20 හැවිරිදි තරුණයා වරද පිළිගෙන තිබෙනවා.

ඒ, අනුව ෆෙබ්‍රියෝ ද සොයිසා නැමැති මෙම චූදිතයාට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් පැනවීමටයි එරට අධිකරණයක් නියෝග කර ඇත්තේ.

ෆෙබ්‍රියෝ ද සොයිසා ඊයේ (06) උදෑසන ඔටාවා හි උසස් අධිකරණයේ දී ඔහුගේ නීතිඥ එවන් ලිට්ල් සමඟ පෙනී සිටි අතර, වින්දිතයින් හතර දෙනෙකුගේ පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනාවලට ඔහු එහිදී වරද පිළිගෙන තිබෙනවා.

මේ අතර එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහට එල්ල කළ ප්‍රහාරයෙන් ඔහු බරපතල තුවාල ලැබුවා.

ඝාතනවලින් පසු අත්අඩංගුවට ගැනුණු ඒ වනවිට 19 වන වියේ පසුවූ සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසා පාපොච්චාරණය කර ඇත්තේ, තමන් සතු වූ මුදල් අවසන් වී ඇති නිසා, ඔහුගේ ශිෂ්‍ය වීසා බලපත්‍රය කල් ඉකුත් වූ පසු ශ්‍රී ලංකාවට ආපසු යාමට තිබූ අකමැති හේතුවෙන් සහ තමාගේ ජීවිතය නැති කර ගැනීමට තරම් “දුර්වල” වූ නිසා මෙම ඝාතන සිදු කිරීමට තීරණය කළ බවයි.

ඝාතනයන් සිදුකිරීමට පෙර එනම් මාර්තු 01 වනදා ඔහු මෙම සැලැස්ම සකස් කර බව විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ෆෙබ්‍රියෝ ද සොයිසා, ඔටාවා හි බාර්හේවන් තදාසන්න ප්‍රදේශයේ වික්‍රමසිංහ පවුල සමඟ ඔවුන්ගේ නිවසේ බිම් මහලේ කුලී නිවැසියෙකු ලෙස ජීවත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40