විදෙස් රටක සිට එවන ලද රුපියල් මිලියන 50ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සොයාගෙන තිබෙනවා.
කැනඩාවෙන් ආනයනය කරන ලද ස්පීකරයක සූක්ෂම ලෙස සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙනවිත් ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ පැවසුවේ.
අධිවේගී කුරියර් සේවාවක් හරහා මෙරටට පැමිණ ඇති මත්ද්‍රව්‍ය තොගය සැඟවූ ස්පීකරයේ එහි හිමිකාරිත්වයක්ද සටහන් වී නොමැති බවයි රේගුව සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට ලද සැකයක් මත පසුගිය ජනවාරි 09 වනදා මෙම ස්පීකරය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
දීර්ඝ කාලයක් එහි හිමිකාරිත්වයක් නොමැතිව පැවතීම නිසා පසුගිය පසුගිය 25 වනදා රේගු නිලධාරීන් විසින් එය පරීක්ෂාවට ලක්කර ඇති බවයි වාර්තා වුණේ.
එහිදී මෙම ස්පීකරය විවෘත කර පරීක්ෂා කර බැලීමේ දී ඒ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 17ක්, කුෂ් ග්‍රෑම් 862ක් සමගින් පැකට් 09ක් සහ හෂීස් ග්‍රෑම් 4,014 සොයාගෙන තිබෙනවා.
මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.





