කැනඩාවෙන් ගෙන් වූ ස්පීකරය ඇතුළේ මිලියන 50ක මත්ද්‍රව්‍ය

විදෙස් රටක සිට එවන ලද රුපියල් මිලියන 50ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සොයාගෙන තිබෙනවා.

කැනඩාවෙන් ආනයනය කරන ලද ස්පීකරයක සූක්ෂම ලෙස සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙනවිත් ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ පැවසුවේ.

අධිවේගී කුරියර් සේවාවක් හරහා මෙරටට පැමිණ ඇති මත්ද්‍රව්‍ය තොගය සැඟවූ ස්පීකරයේ එහි හිමිකාරිත්වයක්ද සටහන් වී නොමැති බවයි රේගුව සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට ලද සැකයක් මත පසුගිය ජනවාරි 09 වනදා මෙම ස්පීකරය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

දීර්ඝ කාලයක් එහි හිමිකාරිත්වයක් නොමැතිව පැවතීම නිසා පසුගිය පසුගිය 25 වනදා රේගු නිලධාරීන් විසින් එය පරීක්ෂාවට ලක්කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී මෙම ස්පීකරය විවෘත කර පරීක්ෂා කර බැලීමේ දී ඒ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 17ක්, කුෂ් ග්‍රෑම් 862ක් සමගින් පැකට් 09ක් සහ හෂීස් ග්‍රෑම් 4,014 සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56