දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ සදහන්.
සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකියි.
දකුණු පළාතේදී සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 සිට 45 දක්වා වැඩි විය හැකි බවද කාළගුණ නිවේදනයේ සදහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.




