කාසියේ වාසිය පාකිස්ථානයට

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර නියෝජනය වන තවත් තීරණාත්මක තරගය පාකිස්ථාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනූ පාස්කිස්ථානය කණ්ඩායම තීරණය කළේ පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්ථානයට ලබාදීමටයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය හමුවන්නේ පළමු වතාවටයි.

අද පැවැත්වෙන තරගයෙන් පාකිස්ථානය ජයගත හොත් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය ලබන ඉරිදා පැවැත්වෙන ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සදහා කල්වේලා ඇතිවම සුදුසුකම් ලබා ගන්නවා.ඉන්දීය කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසෙන්නට හැකිවන්නේ පාකිස්ථානය ඔවුන් සහභාගී වන තරග දෙකම පරාජය වී ඇෆ්ගනිස්ථානය සමග තිබෙන තරගය ඉන්දියාව ඉහළ දළ ලකුණු ලබා ගැනීමේ වේගයකින් ජයගතහොත් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?