නෙදර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට නෙදර්ලන්තය සමත් වුණා.
අද තරගය පස්වරු 02ට ලක්නව් හි දී ආරම්භ වනු ඇති.
කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වර්ඩ්ස් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.
මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ඇෆ්ගනිස්ථානය සිටින්නේ 06 වැනි ස්ථානයේ යි.
ඒ ඔවුන් ක්‍රීඩා කළ තරග 06න් 03ක ජයග්‍රහණය ලබා ගනිමින්.
නෙදර්ලන්තය පසුවන්නේ 08 වැනි ස්ථානයේ යි.
ඒ පැවති තරග 06න් දෙකක් පමණක් ජය ගනිමින්.
මෙම තරගය දෙපිළට ම සිය ස්ථාන තීරණය කිරීමටත්, එළඹෙන චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් ද තීරණාත්මක වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1





