කාලගුණය නිසා දින 06කින් කල් ගිය උසස් පෙළ විභාගය යළිත් අද ඇරඹෙයි

දිවයිනට ම බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල් දැමුණු 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) යළිත් ආරම්භ වනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ එම විභාගය අද දින සිට සැලසුම් කළ පරිදි දෙසැම්බර් මස 20 වැනි දින දක්වා පැවැත්වෙන බවයි.

විභාගය ආරම්භ කිරීමට පූර්වයෙන් විභාග ප්‍රවේශ පත්‍රය සමග නිකුත් කළ කාලසටහන ඒ අයුරින් ම ක්‍රියාත්මක වන බව ද විභාග කොමසාරිස්වරයා පැවසුවා.

ඒ අනුව දෙසැම්බර් 04 වැනි දින කාලසටහනේ අද දිනට නියමිත විෂයයන් පැවැත්වෙන බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම දින හයක කාලයක් පුරා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දැමුණු නොවැම්බර් 27 සිට දෙසැම්බර් 03 දක්වා වූ කාලය තුළ පවත්වන්නට නියමිත ව තිබූ විෂයයන් සියල්ල ම අමතර දිනයන් ලෙස දෙසැම්බර් 21 සිට දෙසැම්බර් 31 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති.

ඒ අනුව මග හැරුණු දින හය සඳහා වූ විෂයයන් වෙනුවෙන් දෙසැම්බර් 21,23,27,28,30 හා 31 යන දිනවල දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම වසරට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 ආරම්භ කෙරුණේ දෙසැම්බර් මස 20 වැනි දිනෙන් අවසන් කිරීමටයි.

පුරා දින 22ක් පුරා මෙම විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ද, විභාගය පැවැත්වීමට හැකි වූයේ නොවැම්බර් මස 25 සහ 26 පමණි.

ඒ දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වීම හේතුවෙන්.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත දරුවන්ගේ මානසික මට්ටම වෙනුවෙන් ගත හැකි හොඳම විසඳුම ලෙසටයි අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් සහ විභාග දෙපාර්තමේන්තු බලධාරීන් එක්ව දින 03ක් පමණක් (නොවැ 27 – 28 තෙක්) පැවැත්වීමට කටයුතු කෙරුණේ.

නමුත් දිගින් දිගටම පැවති අයහපට් වර්ෂාපතනය හේතුවෙන් දෙවැනි වතාවට ද උසස් පෙළ විභාගය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 03 තෙක් විභාගය කල් ගියා.

එලෙස කල් ගිය විභාගයයි අද පෙරවරු 08 සිට පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ.

එමෙන්ම තවමත් ස්වාභාවික ආපදා හේතුවෙන් මාර්ග අවහිර වීම් හෝ වෙනත් පිළිගත හැකි ගැටලුවක් පවතී නම්; ළඟම ඇති විභාග මධ්‍යස්ථානයකට යන ලෙසටත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?