කාරක සභා කිහිපයකට සාමාජිකයන් නම් කෙරේ

පාර්ලිමේන්තුවේ ස්ථාපිත නව කාරක සභා කිහිපයකට සාමාජිකයන් පත් කර තිබෙනවා.

අභිනවයෙන් ස්ථාපිත කළ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සහ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සඳහා යි මෙලෙස සාමාජිකයන් පත් කර ඇත්තේ.

තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 හි විධිවිධාන සහ පසුගිය 10 වනදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුවයි ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සඳහා මෙලෙස මන්ත්‍රීවරුන් නම්කර ඇත්තේ.

මේ අනුව නිමල් සිරිපාල ද සිල්වා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, පාඨලී චම්පික රණවක, වාසුදේව නානායක්කාර, අශෝක් අබේසිංහ, එස්. එම්. එම්. මුෂාරෆ්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඉෂාක් රහුමාන් මහතා, හේෂා විතානගේ මහතා, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා සහ නීතිඥ වසන්ත යාපාබණ්ඩාර යන මහත්වරු පත් කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 123 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව මෙසේ මන්ත්‍රීවරයන් නම්කර ඇත්තේ.

මේ අනුව පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, හරීන් ප්‍රනාන්දු මහතා, ජීවන් තොන්ඩමන්, ශෙහාන් සේමසිංහ, තාරක බාලසූරිය, සී. බී. රත්නායක, විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ, නාලක ගොඩහේවා, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජේ. සී. අලවතුවල, සිවඥානම් ශ්‍රීතරන්, හෙක්ටර් අප්පුහාමි, අකිල එල්ලාවල සහ ගරු වරුණ ලියනගේ යන මන්ත්‍රීවරුන් ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මෙලෙස නම් කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායකවරයා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරවයි ඊට මෙලෙස මන්ත්‍රීවරයන් නම්කර ඇත්තේ.

මේ අනුව ශෙහාන් සේමසිංහ, අනුප පස්කුවල්, චමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, ඉරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම, බී. වයි. ජී. රත්නසේකර, එම්. ඒ. සුමන්තිරන්, චමින්ද වි‍ජේසිරි මහතා, සම්පත් අතුකෝරල, කරුණාදාස කොඩිතුවක්කු, කෝකිලා ගුණවර්ධන, යදාමිණී ගුණවර්ධන සහ රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරයන් බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මෙලෙස නම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?