කාබන් මොනොක්සයිඩ් වායුව ආශ්වාස කරගෙන තරුණයෙක් දිවි නසාගෙන

සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳි තරුණයෙක් කාබන් මොනොක්සයිඩ් වායුව ආශ්වාස කිරීමෙන් සියදිවි නසාගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වුණේ.

සුව කළ නොහැකි ස්නායු රෝගයකින් පීඩා විඳ ඇති මෙම තරුණයා මුම්බායි හි කුලියට රැඳී සිටි නිවස තුළ දී මෙලෙස සියදිවි නසාගෙන ඇත් බවයි වාර්තා වන්නේ.

සෙනසුරාදා සිට ඔහුගෙන් කිසිදු තොරතුරක් නොලැබුණු පසු, බැංගලෝරයේ පදිංචි ඔහුගේ සහෝදරිය මුම්බායි පොලිසියට විද්‍යුත් තැපෑලක් යොමුකර තම සහෝදරයා පිළිබඳව සොයාබලන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.

අනතුරුව ඔහු රැඳී සිටි නිවසට පැමිණ ඇති මුම්බායි පොලිසියට දැකගත හැකිව ඇත්තේ දොරේ අලවා තිබූ පණිවුඩයක්.

“ඇතුළත කාබන් මොනොක්සයිඩ්, විදුලි පහන් දල්වන්න එපා” යනුවෙන් ඔහු අනතුරු ඇඟවීමක් එහි සඳහන් කර තිබූ බව සඳහන්.

පසුව පොලිස් නිලධාරීන් නිවස තුළට ඇතුළු වී පරීක්ෂා කිරීමේ දී අදාළ තරුණයාගේ මළ සිරුර සොයෙන ඇති අතර, එහිදී කාබන් මොනොක්සයිඩ් සිලින්ඩරයකට සම්බන්ධ ආශ්වාස ආවරණයක් ඔහු පැළඳ සිටි ඇති බවයි දැකගන්නට ලැබී ඇත්තේ.

නිවස තුළින් කාබන් මොනොක්සයිඩ් කාන්දු වීම වැළැක්වීම සඳහා වඩු කාර්මිකයෙකුගේ සහාය ඇතිව ජනෙල් සීල්කර වසා දමා ඇති බවයි හෙළිව ඇත්තේ.

මෙම රෝගයන්ට ප්‍රතිකාරයක් නොමැති අතර පසුගිය වසර 1.5 ක කාලය තුළ එය වේගවත් වී තිබෙනවා. මම දුසිම් ගනනක් වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගත්තා, එත් කිසිවෙකුට උදව් කිරීමට නොහැකි වුණා. මෙම රෝගීය තත්වයන් මාව ඉතා දුක්ඛිත තත්වයකට පත් කර තිබෙනවා. මම මගේ රැකියාව අහිමි වීමේ අද්දර සිටින්නේ. මේ තත්ත්වයෙන් මට නැවත කිසිදා වැඩ කිරීමට සහ උපයා ගැනීමට සහ හොඳ ජීවිතයක් ගත කිරීමට ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් ඔහු සියදිවි නසා ගැනීමට පෙර ලියා තිබූ සටහනක සඳහන් ව තිබූ බවයි මුම්බායි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
30
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?