කාබන් මොනොක්සයිඩ් වායුව ආශ්වාස කරගෙන තරුණයෙක් දිවි නසාගෙන

සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳි තරුණයෙක් කාබන් මොනොක්සයිඩ් වායුව ආශ්වාස කිරීමෙන් සියදිවි නසාගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වුණේ.

සුව කළ නොහැකි ස්නායු රෝගයකින් පීඩා විඳ ඇති මෙම තරුණයා මුම්බායි හි කුලියට රැඳී සිටි නිවස තුළ දී මෙලෙස සියදිවි නසාගෙන ඇත් බවයි වාර්තා වන්නේ.

සෙනසුරාදා සිට ඔහුගෙන් කිසිදු තොරතුරක් නොලැබුණු පසු, බැංගලෝරයේ පදිංචි ඔහුගේ සහෝදරිය මුම්බායි පොලිසියට විද්‍යුත් තැපෑලක් යොමුකර තම සහෝදරයා පිළිබඳව සොයාබලන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.

අනතුරුව ඔහු රැඳී සිටි නිවසට පැමිණ ඇති මුම්බායි පොලිසියට දැකගත හැකිව ඇත්තේ දොරේ අලවා තිබූ පණිවුඩයක්.

“ඇතුළත කාබන් මොනොක්සයිඩ්, විදුලි පහන් දල්වන්න එපා” යනුවෙන් ඔහු අනතුරු ඇඟවීමක් එහි සඳහන් කර තිබූ බව සඳහන්.

පසුව පොලිස් නිලධාරීන් නිවස තුළට ඇතුළු වී පරීක්ෂා කිරීමේ දී අදාළ තරුණයාගේ මළ සිරුර සොයෙන ඇති අතර, එහිදී කාබන් මොනොක්සයිඩ් සිලින්ඩරයකට සම්බන්ධ ආශ්වාස ආවරණයක් ඔහු පැළඳ සිටි ඇති බවයි දැකගන්නට ලැබී ඇත්තේ.

නිවස තුළින් කාබන් මොනොක්සයිඩ් කාන්දු වීම වැළැක්වීම සඳහා වඩු කාර්මිකයෙකුගේ සහාය ඇතිව ජනෙල් සීල්කර වසා දමා ඇති බවයි හෙළිව ඇත්තේ.

මෙම රෝගයන්ට ප්‍රතිකාරයක් නොමැති අතර පසුගිය වසර 1.5 ක කාලය තුළ එය වේගවත් වී තිබෙනවා. මම දුසිම් ගනනක් වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගත්තා, එත් කිසිවෙකුට උදව් කිරීමට නොහැකි වුණා. මෙම රෝගීය තත්වයන් මාව ඉතා දුක්ඛිත තත්වයකට පත් කර තිබෙනවා. මම මගේ රැකියාව අහිමි වීමේ අද්දර සිටින්නේ. මේ තත්ත්වයෙන් මට නැවත කිසිදා වැඩ කිරීමට සහ උපයා ගැනීමට සහ හොඳ ජීවිතයක් ගත කිරීමට ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් ඔහු සියදිවි නසා ගැනීමට පෙර ලියා තිබූ සටහනක සඳහන් ව තිබූ බවයි මුම්බායි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39