කාන්තාවක් ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික බැංකුවක ගිණුමකින් සැක කටයුතු ලෙස මුදල් හුවමාරු වන බවට මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට දැනුම්දී ඇති අතර ඒ අනුව කළ විමර්ශනයකදී යි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ ගිණුම මගින් කෙටි කාලයක් තුළ රුපියල් මිලියන ගණනක මුදලක් හුවමාරු වී ඇතැයි සඳහන්. ඒ අනුව විමර්ශන සිදුකළ අදාළ ඒකකය හඳුනාගෙන තිබුණේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට එම ගිණුම අයත් බවයි.

අනතුරුව අදාළ ගිණුමට මුදල් බැර කළ පුද්ගලයෙකුගෙන් විමර්ශන නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

එහිදී ඔහු පවසා ඇත්තේ, අන්තර්ජාලය හරහා තමන් කාන්තාවක් සමග සමීප සබඳතාවක් ගොඩනගා ගත් අතර අනතුරුව ඇයගේ ඉල්ලීම පරිදි අවස්ථා කිහිපයකදී බැංකු ගිණුමකට මුදල් බැරකළ බවයි.

කෙසේවෙතත් ඇය කිසිඳු අවස්ථාවක හමු නොවීම නිසා එම සම්බන්ධය නතර කළ බවයි ඔහු සදහන් කර ඇත්තේ.

එම ප්‍රකාශයට අනුව අදාළ බැංකු ගිණුම භාවිත කළ පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී විමර්ශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල පවසා ඇත්තේ තමන් කාන්තාවක් බව අඟවමින් පිරිමි පුද්ගලයින්ගෙන් විශාල වශයෙන් මුදල් ලබා ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15