පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ උල්ලපොල ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් ඊයේ (06) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.
පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.
කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක් අමෙලෙස අනතුරට ලක්ව ඇති අතර, මෙම අනතුරෙන් 68 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරෙන් තුවාල ලැබූ මෝටර් රථය පැදවූ කාන්තාව,මව සහ දරුදෙදෙනා ප්‍රතිකාර සඳහා මහව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලවෙත ඇතුළත් කර තිබෙනවා.
එහිදී මෝටර් රථය පැදවූ කාන්තාවගේ මව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.
අනතුර සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.




