කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩාගත් පුද්ගලයා හෙරොයින් සමඟ අත්අඩංගුවට

පසුගියදා මාර්ගයේ ගමන් කළ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන පලාගිය පුද්ගලයා හෙරොයින් සමග (අඟුලානේ තොප්පියා ) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා කටුබැද්ද රාහුල පාර ප්‍රදේශයේදී දරුවකු ඇතැතිව පාළු මාර්ගයක ගමන් කළ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය මංකොල්ල කා පලා ගිය පුද්ගලයා හෙරොයින් ග්‍රෑම් 6 ක් සහ මිලි ග්‍රෑම් 110 සමග අඟුලාන දුම්රියපළ ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබේ

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ලක්ෂිත ලිඔන් ජයවර්ධන නමැති මහා විහාර පාර ලක්ෂපති,මොරටුව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 37 ක ධීවර රැකියාවේ නියත පුද්ගලයෙකි.

මොරටුව පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන්ට මෙම පුද්ගලයා හෙරොයින් රැගෙන යන බව ලද තොරතුරක් මත අගුලාන දුම්රියපල අසල සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයාගේ දකුණු පස කලිසම් සාක්කුවේ සඟවා සිටියදී මෙම හෙරොයින් ප්‍රමාණය සොයාගැනීමට පොලීසියට හැකියාව ලැබී ඇති අතර එම පුද්ගලයා පොලීසියට රැගෙන විත් සිදු කරනු ලැබූ ප්‍රශ්න කිරීම් වලදී මොරටුව රාහුල පාර ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන පලා ගිය බව අපරාධ අංශය නිලධාරීන්ට ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පුද්ගලයා මීට පෙරද රන්මාල කැඩීම් සිද්ධිවලට සහ නිවාස මංකොල්ලකෑම් සිද්ධි වලට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත වී ඇති බව වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු (19) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත

මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන මොරටුව පොලීසියේ අපරාධ අංශය විසින් සිදුකරනු ලබයි.

7c6eb3fe 39aa 40a2 b769 455384df1870
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !