කාදිනල් හිමි ගැන කළ ප්‍රකාශයකට චාමර සම්පත්ට නඩු වැටෙන ලකුණු

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක,පසුගිය දා ඒකාබද්ධ විපක්ෂ රැස්වීමක දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වත්මන් හමුදාපතිතුමා ජූලි මස 02 දින පළතුරු වට්ටියක් රැගෙන කාදිනල්ගේ ගෙදරට ගිය බවත්, එදිනම ඔහුගේ සේවා කාලය නිමා වන බවත්, ‘පළතුරු වට්ටිය උස්සාගෙන ගිය හමුදාපති 2028 ජනවාරි හෝ පෙබරවාරි වෙනකන් දීර්ඝ කර ඇති’ බවත් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති බවට පෙන්වා දෙන සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසන්නේ අති උතුම් කාදිනල් හිමිපාණන් සමුළුවකට සහභාගි වීම සඳහා රෝමයේ වතිකානයට ගොස් ආපසු දිවයිනට පැමිණියේ ජූලි මස 03 වන දින බවයි.

ඒ අනුව හමුදාපතිතුමා සහ කාදිනල් හිමිපාණන් අතර කිසිදු හමුවීමක් සිදුව නොමැති බවටත් චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන් ම අසත්‍ය ප්‍රකාශයක් බව අවධාරණය කරන සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා, එම ප්‍රකාශය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව මෙම වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් චාමර සම්පත් මන්ත්‍රීවරයාට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීම පිළිබඳව අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ නීතිඥයින් මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව ද සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27