Update – කාටුනායක – හීනටියන වෙඩි තැබීමක්

කාටුනායක, හීනටියන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඇවරිවත්ත පොලිසිය සඳහන් කළේ අද (26) අලුයම හයට පමණ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු වාර්තා වූ බවයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

විමර්ශන කණ්ඩායමක් මේ වනවිටත් වෙඩි තැබීම සිදුවූ ස්ථානයට පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

T -56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 29ක හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?