Update – කාටුනායක – හීනටියන වෙඩි තැබීමක්

කාටුනායක, හීනටියන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඇවරිවත්ත පොලිසිය සඳහන් කළේ අද (26) අලුයම හයට පමණ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු වාර්තා වූ බවයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

විමර්ශන කණ්ඩායමක් මේ වනවිටත් වෙඩි තැබීම සිදුවූ ස්ථානයට පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

T -56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 29ක හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිට අවසන් ගෞරව දෙන්න ආ කලාකරුවන් හඬා වැටෙයි..අපි වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්
03:12
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නැත්තම් කම්පන ප්‍රසංගයක් නෑ - දශක ගණනාවකට හිමි නැති අඩුව දැනෙයි
03:20
Video thumbnail
රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වෙනුවෙන් කඩා වැටුණු කඳුළු...
02:01
Video thumbnail
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් - දඩ ගෙවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණයි ?
01:36
Video thumbnail
පාර්ලිමේන්තුවේ අර්චුනාගේ අවසන් කතාව..?
01:20
Video thumbnail
ඇප ලැබුණු රාජිතගේ මල්ලි සතුටින් පිටව ගිය හැටි
00:34
Video thumbnail
මතක තියාගන්න ඩී.වී චානක
01:54
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:35