ක්‍රීඩකයන් දෙදෙනෙකුට T20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට සහ තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මදුෂංකට ලෝක කුසලාන පන්දු වාර විස්ස ලෝක කුසලානය තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

මිට හේතුවී ඇත්තේ මෙම ක්‍රීඩකයින් දෙදෙනාම මේවන විට ශාරීරික ආබාධයන්ට ගොදුරුව සිටීමයි.

කොරෝනා වෛරසය ආසාදනය වී ඉන් සුවය ලැබූ කුසල් ජනිත් පෙරේරා ඊයේ දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරගයට එක්වුව ද කඩුලු රැකීමේ කාර්යයට එක්ව සිටියේ නැහැ.

ඊට හේතු වූයේ ඔහුගේ පාදයේ කලවා මස් පිඬුවක මතුව ඇති ආබාධයක්.

මේ හේතුවෙන් ඔහුට තවත් ටික කලක් කූීඩාවෙන් ඈත්ව සිටීමට සිදුවන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම ඊයේ තරගයට එක්වූ තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මදුෂංක ද උරහිසේ අස්ථියක මතුවූ ආබාධයකින් පීඩා විඳිනවා.

මේ හේතුව නිසා ඔහුටත් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට නොහැකිවන බවයි කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ දෙදෙනා වෙනුවට ආදේශක ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද්දේ නිසාද ලංකාවේ තෙල් අවුල ඇතිවුණේ ?මෙන්න මෙහෙමයි තෙල් අර්බුදය ඇතිවුණේ
Video thumbnail
බිමල් දැන් හිනාවෙන්නේ නෑනේ - ආයේ හිනාව ගන්න ඕනේ
05:30
Video thumbnail
චෙම්මනි සමූහ මි#ණී වළ ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..අප්‍රේල් 20 සිට නැවත කැණීම් ආරම්භ කරනවා
05:28
Video thumbnail
ඉන්ධන අර්බුධයක් ඇතිකළේ විපක්ෂය
03:34
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විපක්ෂයට ආරාධනාවක්
13:05
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි
00:49
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:30
Video thumbnail
ඉන්ධන ප්‍රශ්නයෙන් රෝහලුත් වැසෙයිද ?..ඉදිරි පැය 48ක කාලය ඉතාම තීරණාත්මකයි
09:31
Video thumbnail
අපිට දොස් කියලා වැඩක් නෑ - රට භාරගත්තා නම් වැඩ කරන්න
02:23
Video thumbnail
වේදනයි වේදනයි ඇත්ත කියනකොට - සමන්ත විපක්ෂයට කටඋත්තර නැතිවෙන්නම දෙයි
04:02