AFC Banner
AFC Banner
Empty Ad

ක්‍රිකට් තේරීම් කමිටුවේ මුල් පුටුව යළිත් 96 කණ්ඩායමේ සාමාජිකයෙකුට හිමිවන ලකුණු

අසන්ත ද මෙල්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයට 96 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයෙකු පත් කරනු ඇතැයි වාර්තා වනවා. දැනට තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි සදහන් කළේ.

අසන්ත ද මෙල් ඊයේ ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වූ අතර මේ වනවිට ක්‍රිකට් බලධාරීන් නව තේරිම් කමිටුවක් පත් කිරීම සදහා සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. 

මේ අතර ක්‍රිඩා අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති, හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සදහන් කළේ මෙරට සියළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රක්‍ෂණාවරණයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?