“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට ඉන්දුනීසියාවේ සහාය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියාවේ තානාපති ගුස්ටිනා ටොබින්ග් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) සිදුවුණා.

නව රජයට ඉන්දුනීසියානු රජයේ සුබ පැතුම් එක් කළ ඉන්දුනීසියාවේ තානාපති ගුස්ටිනා ටොබින්ග් දෙරට අතර වසර 70ක මිතුදම ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ හා ඉන්දුනීසියානු රජයන් සමකාලීන මැතිවරණ ජයග්‍රහණයක් ලබා නව රජයන් පිහිට වූ අතර, ශ්‍රී ලංකාවේ වත්මන් රජය ආරම්භ කර තිබෙන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සහයෝගය ලබාදෙන බවත් එවැනිම වැඩසටහනක් ඉන්දුනීසියාවේ ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් තානාපතිවරිය සඳහන් කළා.

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර වර්ණීය වෙළෙඳ ගිවිසුම් සහ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සමාජයීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කරගනිමින් දෙරටටම වාසි සහගත අයුරින්වෙළඳපොළ පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?